29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රී සාදයේ වෙඩි තැබීම ගැන විමර්ශන අරඹයි

මන්ත්‍රී සාදයේ වෙඩි තැබීම ගැන විමර්ශන අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති නුවරඑළිය මන්ත්‍රී මැදුරේ ඊයේ (06) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති සාදයක් අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

මන්ත්‍රී මැදුරේ භාරකරු මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්දන ආරම්භ කළ බවයි පොලීසිය පවසන්නේ.

පසුගිය මස 28 වනදා මෙහි නවාතැන්ගෙන සිටි මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ඔවුන් සමඟ පැමිණි 30 දෙනෙකුගෙන් යුත් අමුත්තන් පිරිසක් එම පරිශ්‍රයේ රාත්‍රි සාදයක් පවත්වා ඇති බවයි අනාවරණාය වී ඇත්තේ.

එදින රාත්‍රි 12ත් – 12යි 15ත් අතර වෙඩි ශබ්ද දෙකක් ඇසී ඇති අතර පසුදින පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමේදී මිලිමීටර් 9 වර්ගයේ හිස් පතොරොම් කොපු දෙකක්ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් වෙඩි තැබීමෙන් දේපලවලට හානියක් සිදුවී නොමැති අතර වෙඩි තැබීමට හේතුව සහ එය සිදු කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.