25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයට සල්ලි නොදුන්නොත් මම අධිකරණයට යනවා

මැතිවරණයට සල්ලි නොදුන්නොත් මම අධිකරණයට යනවා

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියට නිසි ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුලු ඡන්ද විමසීමට දායකත්වය ලබාදෙන ආයතනවලට අත්තිකාරම් මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා මහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක මුදලක් ඉල්ලූ බවයි මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ.