27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 37ක තඹ කේබල් සොරකම් කළ තිදෙනෙක්ට වැඩ වරදියි

ලක්ෂ 37ක තඹ කේබල් සොරකම් කළ තිදෙනෙක්ට වැඩ වරදියි

දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරියේ වල්ගම ප්‍රධාන කාර්යාලයේ සිට තඹ කේබල් කපා අලෙවි කළ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරගම පොලීසිය පැවසුවේ, එම කාර්යාලයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ හිටපු ස්ථාන භාර නිලධාරියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

සොරකම් කරන ලද තඹ කේබල්වල වටිනාකම රුපියල් ලක්ෂ 37ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. සැකකරුවන් 35 සහ 52 යන වයස්වල පසුවන මහනුවර දංකොටුව සහ බණ්ඩාරගම පදිංචිකරුවන්ය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලයක තඹ කම්බියක් අස්ථානගත වී ඇති බවට බණ්ඩාරගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.