30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවගා හානි වාර්තා කරන්නැයි ගොවීන්ට උපදෙස්

වගා හානි වාර්තා කරන්නැයි ගොවීන්ට උපදෙස්

ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදුන් වාර්තාවට අනුව වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සහල් නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව අනාවරණය වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම හා සුබසාධන රක්‍ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ නිසි අවධානය යොමු කර අදාළ ගොවීන්ගෙන් වගා හානි වාර්තා ලබා ගන්නා ලෙසයි.

වර්ෂාවෙන් වී වගාවට හානි සිදුවුවහොත් ඒ ඒ දිස්ත්‍රික්කවල සුබසාධන සේවා මධ්‍යස්ථාන වෙත වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම හා සුබසාධන දෙපාර්තමේන්තුව ගොවීන්ට උපදෙස් දී ඇත.

වී වගාවේදී වගා හානි සිදුවුවහොත් රක්ෂණ සමාගම රජයේ ක්‍රියාමාර්ග හරහා වන්දි ලබා දෙයි. ඒ අනුව අක්කරයකට රුපියල් 40,000ක් සහ හෙක්ටයාරයකට රුපියල් 100,000ක් ලබා දෙනවා.