25 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජයේ තීරණයක්

ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජයේ තීරණයක්

දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (07) සඳහන් කළා.

මේ වනවිට රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ විශාල ව්‍යාපෘති කාර්යාල නඩත්තු කළ නොහැකි බැවින්, ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කළ එම ව්‍යාපෘති කාර්යාල සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකිරීමට පසුගිය දා තීරණය කරනු ලැබුවා.