ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.