27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසරණ ගුණවර්ධනට අධිචෝදනා

සරණ ගුණවර්ධනට අධිචෝදනා

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අද (07) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම චෝදනා භාරදෙනු ලැබුවා. චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන රුපියල් 50,000 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

2006 වසරේ අගෝස්තු මස පළමු වනදා සහ 2007 වසරේ ජුලි මස 31 වනදා දක්වා කාලසීමාව තුළ ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි වාහනයක් අවභාවිත කිරීම තුළින් රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂ අසූ දහසක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.