29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසෙල්ෆී ගන්න ගිය දියණිය සහ පියා ඔයට බිලිවෙයි

සෙල්ෆී ගන්න ගිය දියණිය සහ පියා ඔයට බිලිවෙයි

අද දහවල් පොළොන්නරුව තඹාල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔය අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය පියෙකු සහ දියණියක දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි දියණියයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිටින මෙම දැරිය පියාගේ නිවසට පැමිණී අවස්ථාවේ කුඹුක්කන් ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඇය පය ලිස්සා ඔයට වැටී ඇති අතර පියා ඇය බේරා ගැනීමට ඔයට පැන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දෙදෙනාම ජලයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මියගිය පුද්ගලයා පුදූර් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු ලෙසට සේවය කරන අයෙක් බව සඳහන්.

ඔහු විවාහ දෙකක් සිදුකරගෙන සිටින අයෙක් වන අතර දියණිය මව සමග පදිංචිව සිට ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේයි.