28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportෆින්ච් විස්සයි විස්ස පිටියට සමුදෙයි

ෆින්ච් විස්සයි විස්ස පිටියට සමුදෙයි

ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ආරොන් ෆින්ච් විස්සයි විස්ස තරග රටාවෙනුත් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ආරොන් ෆින්ච් සැලකෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතිය තුළ වැඩිම ලකුණු රැස්කළ ඕස්රේලියානු පිතිකරුවා ලෙසයි.

ෆින්ච් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 103ක් තුළ ලකුණු 3120ක් රැස්කරගෙන සිටින්නේ ශතක දෙකක් සහ අර්ධ ශතක 19ක් ද සමඟයි.

ඒ අනුව ඔහු මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනෙන්ම විශ්‍රාම ගෙන අවසන්. මේ අතර 2021 වසරේදී නවසීලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ආරොන් ෆින්ච්ගේ නායකත්වය යටතේ වීමද විශේෂත්වයක්.