27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුර දැන් ඉඳලම ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකේ ජනාධිපති වෙලා

අනුර දැන් ඉඳලම ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකේ ජනාධිපති වෙලා

අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව සමඟ කොළඹදී සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක කර අවසන් බැවින් අලුතින් ක්‍රියාත්මක කරන්න දෙයක් නැති බවයි.

එමෙන්ම 13ට පක්ෂ බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශ කර ඇති බැවින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කර වචන ඉස්සර කර ගන්න හොඳ නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ.ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු.