23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ලබාගැනීමට ගිය පාසල් ගුරුවරයෙකුට වැඩ වරදී

අල්ලස් ලබාගැනීමට ගිය පාසල් ගුරුවරයෙකුට වැඩ වරදී

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලා අංශයේ ඉගැන්වීම් කටයුතු සිදු කරන මෙම ගුරුවරයා පාසලට ළමයෙකු ඇතුලත් කර ගැනීම වෙනුවෙන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකාර ගුරුවරයා කුරුණෑගල පුවක්ගස් හංදිය ආසන්නයේදී රුපියල් ලක්ෂ තුනක 3ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී ම අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙම ගුරුවරයා ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසලේ කලා අංශයේ පුරප්පාඩු සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයකු ඇතුලත් කරගැනීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර එය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.