25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩාවේ නිරත වන පාසල් දරුදැරියන්ට ඔවුන් ක්‍රීඩාවේ දී දැක්වූ දස්කම් අනුව අමතර...

ක්‍රීඩාවේ නිරත වන පාසල් දරුදැරියන්ට ඔවුන් ක්‍රීඩාවේ දී දැක්වූ දස්කම් අනුව අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ යෝජනාවක්

ක්‍රීඩාවේ නිරත වන පාසල් දරුදැරියන්ට ඔවුන් ක්‍රීඩාවේ දී දැක්වූ දස්කම් අනුව අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකළ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා ඒ බව අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා,

“පාසල් ක්‍රීඩාවෙහි නිරත වන දරු දැරියන්ට උසස් අධ්‍යාපනය ලබාදීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා මෙම යෝජනාව ක්‍රීඩා අමාත්‍යංශයට ඉදිරිපත් කළා. ක්‍රීඩාවේ විශිෂ්ඨ දස්කම් දැක් වූ ඇතැම් දරුවන් විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලබන නිසා සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලබාදීම මෙම යෝජනාව මගින් අපේක්ෂා කරනවා.

එහිදී කලාප, දිස්ත්‍රික්, පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට එම මට්ටම් අනුව ලකුණු ලබාදීමට බලාපොරොත්තු වනවා. ජාත්‍යන්තර මට්ටමෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයකුට ලකුණු 25 ක් ලබා දීමට මේ යටතේ අපේක්ෂා කරනවා.

මෙම වැඩසටහනට සමගාමීව පාසල් දරුවකු පැයක කාලයක් ක්‍රීඩාව සඳහා යොමු කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කොට තිබෙනවා. පාසල් කාලයෙන් පසු තවත් අමතර පැයක් වෙන් කරගැනීමටද ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.”

පළාත් මට්ටමෙන් ක්‍රීඩා සභා පිහිටුවීමේ ජාතික වැඩසටහන යටතේ පාසල් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට සැලසුම් කරන බවත් ඊට සමගාමීව ක්‍රීඩකයන් වෘත්තිය පුහුණුව කරා සහ සුදුසු වෘත්තියක් කරා යොමු කරවන බව ද ජාතික ක්‍රීඩා සභා සභාපති අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.