― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ආදායමක්

කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ආදායමක්

පසුගිය වසරේදී කුළුබඩු හා ඒ ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 455ක ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පසුගිය වසරේදී කුරුදු, ගම්මිරිස්, කරාබු, සාදික්කා සහ කෝපි ඇතුළු කුළුබඩු මෙට්‍රික් ටොන් 58,192ක් අපනයනය කර ඇත.

පසුගිය වසරේ වැඩිම අපනයන ආදායමක් ලැබී තිබෙන්නේ කුරුදුවලින් වන අතර එහි අගය ඩොලර් මිලියන 217ක් වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.