28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ආරක්ෂාව තර කෙරේ – ආරක්ෂක අංශවලින් 8000ක් කොළඹට

කොළඹ ආරක්ෂාව තර කෙරේ – ආරක්ෂක අංශවලින් 8000ක් කොළඹට

රාජ්‍ය වෘත්තීය සමිති ගණනාවක් එක්ව සංවිධානය කරන විරෝධතාව පැවැත්වෙන අද (08) කොළඹ නගරයේ ආරක්‍ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ අටදහසකට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා.

මෙහිදී විරෝධතා රැළි පැවැත්වීමට ඉඩකඩ සලසා දී ඇතත් විරෝධතා පෙළපාලි පැවැත්වීමට කෙසේවතත් ඉඩ නොතබන බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

විරෝධතා පෙළපාලි පැවැත්වීමට කිසියම් පිරිසක් උත්සාහ කළහොත් එම පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ. ඒ සඳහා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් හා කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම් සහ ජල ප්‍රහාරක රථ සියල්ල සූදානම් කර ඇත.

කොළඹ නගරය පුරා මාර්ග බාධක යොදා ඇති අතර එම මාර්ග බාධකවල රජකාරි සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවා ඇති අතර හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහායි මෙම නිලධාරීන් සූදානම් කර ඇත්තේ.