29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtජනප්‍රිය බොලිවුඩ් නළු සිද්ධාර්ත් - කියාරා සමඟ යුග දිවියට

ජනප්‍රිය බොලිවුඩ් නළු සිද්ධාර්ත් – කියාරා සමඟ යුග දිවියට

ප්‍රසිද්ධ බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා බොලිවුඩ් නිළි කියාරා අද්වානි සමඟ විවාහ වී තිබේ.

ඊයේ (07) රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිසල්මර් හිදී ඔවුන්ගේ විවාහය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බොලිවුඩ් සිනමාවේ ආදර යුවළක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කියාරා අද්වානි යුගදිවියට එළඹෙන බව බොහෝ කලකට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඔවුන් දෙදෙනා මුණගැසුණේ 2018 චිත්‍රපටය වන ලස්ට් ස්ටෝරීස් අතරතුරදීය. මෙයින් පසුව ඔවුන් දෙමළ අධ්‍යක්ෂක විෂ්ණුවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද ෂර්ෂා චිත්‍රපටයේ එකට රඟපානු ලැබීය.

මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ අතර එම චිත්‍රපටය නිසයි මොවුන් දෙදෙනා පෙම්වතුන් වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා ඔවුන්ගේ මංගල ඡායාරූප ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇත්තේ “අපගේ නව ගමනට අපි ඔබගේ ආදරය සහ ආශිර්වාදය ඉල්ලා සිටිමු” යනුවෙනි.