― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනානුඔය - රදැල්ල මාර්ගය බර අඩු වාහනවලට ඇරෙයි

නානුඔය – රදැල්ල මාර්ගය බර අඩු වාහනවලට ඇරෙයි

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් පහට අඩු වාහන ධාවනය සඳහාත් හැටන් නුවරඑළිය සුඛෝපභෝගී බස් රථ ධාවනයටත් අවසර ලබා දී තිබෙනවා.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් පහට වඩා බර අඩු වාහන ධාවනය සඳහා අද (08) සිට මාර්ග සංවර්ධන අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රීක් භාර විධායක ඉංජිනේරුවරයා විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වනවා.

2022.01.20 දින නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් 07 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ධාවනය පෙබරවාරි මස (07) දින දක්වා තාවකාලිකව නතර කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වරයා පියවර ගෙන තිබුණා.

බර වාහන ධාවනය නතර කල දින සිට එම මාර්ගයේ ගමන් ගත් බර වාහන රදැල්ල කිරිමැටිය වට රවුම් මාර්ගයේ ධාවනය කරවීම සිදුවුණා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ හිමියන්, වටරවුම් මාර්ගයේ බස් රථ ධාවනය කිරීම තුළින් තමන්ට පාඩු සිදු වන බවයි පවසන්නේ.

එම බස් රථ වල ගමන් ගන්නේ නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල රජයේ ආයතන වල සේවය කරන සේවකයින් නිසා ඔවුන්ට නිසි වේලාවට සේවා ස්ථානවලට යාමට ප්‍රමාද වීම ඒ සඳහා හේතු වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ටොන් පහට වඩා අඩු වාහන පමණක් රදැල්ල කෙටි මාර්ගයේ සෙමින් සැලකිළිමත්ව ධාවනයට අවසර ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක ඉංජිනේරුවරයාගෙන් කල ඉල්ලිමක් මත ඉංජිනේරුවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නිලධාරින්ගේද නිර්දේශයක් මත ටොන් පහට වඩා බර අඩු වාහන වලට අද (08) දින සිට එම මාර්ගයේ ධාවනයට අවසර ලබා දී තිබෙනවා.

ටොන් පහට වඩා වැඩි බර වාහන රදැල්ල කිරිමැටිය වටරවුම් මාර්ගයේ ධාවනයටත්, එය අධීක්ෂණයට රථ වාහන පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බවත් නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.