27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය හා භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය හා භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයට එරෙහිව සංඝයා වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනක නිරත වනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ විරෝධතා පා ගමන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ දී සංඝ සම්මේලනයක් ද පැවති බවයි.

ප්‍රධාන බෞද්ධ නිකාය ත්‍රිත්වය නියෝජනය කරන භික්ෂුන් වහන්සේලා විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙනවා. විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණීමෙන් පසු පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.