31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දය ගැන විශේෂ තීරණයක් ඉදිරි දින කිහිපය ඇතුළත

පුංචි ඡන්දය ගැන විශේෂ තීරණයක් ඉදිරි දින කිහිපය ඇතුළත

ඉදිරි දින තුන ඇතුලත ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ගැටලුවක් මතු වී නොමැති බවයි.

මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සිදුකරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.