― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsභූ කම්පනයෙන් මියගිය ගණන 11,000 ඉක්මවයි

භූ කම්පනයෙන් මියගිය ගණන 11,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කියේ මේ වන විට පුද්ගලයින් 8,574 දෙනෙකු මියගොස් ඇති බවයි එරට ජනාධිපති Recep Tayyip Erdogan ප්‍රකාශ කළේ.

සිරියාවේ අවම වශයෙන් 2,530ක් මිය ගොස් ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.

විවේචන වර්ධනය වීමත් සමඟ තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan භූමිකම්පාවෙන් විපතට පත් කලාපයේ සංචාරයකට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ සිටින ප්‍රදේශවල ජනතාව බේරා ගැනීමට ප්‍රයත්න දරන සහන සංවිධාන පවසන්නේ මිනිසුන් බේරා ගැනීමට පවතින කාලය අවසන් වී ඇති බවයි.

මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවා යාමේදී තුවාල ලැබූ සංඛ්‍යාව ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ සුන්බුන් අතරින් තවත් පිරිස් බේරා ගැනීමත් සමගයි.

තුර්කියේ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 8,574 දක්වා ඉහළ ගොස් ඇති අතර බලධාරීන් වාර්තා කළේ 41,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින වයඹ දිග රජයේ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ වාර්තාවලට අනුව සිරියාවේ 2,600 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan ඊයේ විපතට පත් ප්‍රදේශවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, අර්බුදය විසඳීම සඳහා නිලධාරීන්ට බලතල ලබා දී තිබෙනවා.

මේ අතර අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ භූමිකම්පාවෙන් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් යාඥා කර ඇති අතර මුදාගැනීමේ ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දෙන ලෙසටයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත්තේ.