― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමට ඕනේ ජනප්‍රිය වෙන්න නෙවෙයි රට ගොඩ ගන්න - ජනපති

මට ඕනේ ජනප්‍රිය වෙන්න නෙවෙයි රට ගොඩ ගන්න – ජනපති

තමාට අවශ්‍ය ජනප්‍රිය වීමට නොව රට ගොඩනැංවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නවවැනි පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජාසන කතාව ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් තමා ජනප්‍රිය නොවන තීරණ ගන්නා අතර එම තීරණවල වටිනාකම තවත් වසර කිහිපයකින් ජනතාවට දැන ගැනීමට හැකිවනු ඇතැයි රනිල් වික්‍රමසිංහ කියාසිටියා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ බදු පැනවූයේ ද කැමැත්තකින් නොවන අතර අකමැත්තෙන් වුව ද සුදුසු සේ කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. පටු දේශාපලන අරමුණුවලින් තොර ජනතාවගේ අරමුණ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට යාම සුදුසු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

මුලින්ම රෝගියා සුව කර ගත යුතු අතර ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ රෝගියා සුව කර ගැනීමට මිස මීට පෙර ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කිරීම නොවන බව ඔහු පෙන්වා දෙනවා. මෙම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් වහාම මෙවැනි අර්බුදයක් ඇති වීම වෙනුවෙන් ඇති සියලු ඉඩකඩ අහුරා දමන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මේ අතර සොරකම් කළ වත්කම් සොයා ගැනීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව දුෂණය මැඩලීම වෙනුවෙන් පනතක් ගෙන එන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියාසිටියා.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද කොන්දේසියක් බවයි ඔහු සඳහන් කළේ. පවතින තත්වයෙන් යළි ගොඩ ඒමට තවත් ඉදිරි පියවර රැසක් ගැනීමට සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. විදේශ විනිමය රටට ගලා ඒමේ ප්‍රවණතාවක් ඇති වන අතර එම අරමුදල් රටේ උන්නතිය වෙනුවෙන් කැප කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

පවතින ආර්ථික අර්බුදය උතුරු නැගෙනහිර යුද්ධයට වඩා බරපතල වන අතර ගැටලුවලට විසඳුම් නොදී ගියොත් ආර්ථික යුද්දයෙන් පරාජය වන බවයි ඔහු කියාසිටියේ. එසේ වුවහොත් ඇතැම් දේශපාලන පක්ෂ මවන සුරංගනා ලෝක උරුම නොවන අතර එසේ වුවහොත් ආර්ථික යටත් විජිතයකන් බවට පත්වනු ඇතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළා.