25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'මොරටුවේ ට්‍රේලා' STF අත්අඩංගුවට

‘මොරටුවේ ට්‍රේලා’ STF අත්අඩංගුවට

‘මොරටුවේ ට්‍රේලා’ නැමැති පුද්ගලයා හෙරොයින් මත්කුඩු සමඟ අඟුලාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් පමණ වයසැති අයෙක්. සැකකරු ඩුබායි රාජ්‍යයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සමඟ හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 900ක්, මත්ද්‍රව්‍ය හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 37,900ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ, විශේෂ මෙහෙයුම් අංශයේ නිළධාරීන් ලද තොරතුරකට අනුව මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඟුලාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.