29 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැරදි බැංකු ගිණුම් නිසා ගොවි සහන මුදල නැවත රිවස් වෙයි

වැරදි බැංකු ගිණුම් නිසා ගොවි සහන මුදල නැවත රිවස් වෙයි

ගොවීන් වෙත ලබාදුන් රුපියල් මිලියන 1300ක මුදලක් වැරදි බැංකු ගිණුම් අංක ලබා දීම හේතුවෙන් ආපසු බැර වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර මහ කන්නය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ යළි අය නොකරන ලෙස හෙක්ටයාරයකට රුපියල් 10,000ක් හා හෙක්ටයාර දෙකකට රුපියල් 20,000ක් ලෙස රුපියල් බිලියන 8ක මුදලක් ගොවි පවුල් ලක්ෂ 12ක් වෙත බෙදා දීමට පියවර ගෙන තිබුණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 08න්, රුපියල් මිලියන 6.5ක මුදලක් ගිණුම් ගත කර ඇති අතර ඉන් මිලියන 1300ක මුදලක් මෙලෙස ආපසු ලැබුණු බවයි.

එම මුදල් ගොවි ජනතාවගේ ගිණුම් වෙත බැර කිරීමට පෙර ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස්, ලබාදී ඇති ගිණුම් අංකවල නිරවද්‍යතාව පරික්ෂා කරන ලෙස දැනුම් දීමක් කර තිබියදී මෙලෙස වැරදි ගිණුම් අංක වෙත මුදල් යොමු කර තිබීම හාස්‍යයට කරුණකි.

එමෙන්ම තවත් රුපියල් බිලියන 1.5ක් ගොවි ගිණුම් වෙත බැංකුගත කිරීම මේ දිනවල සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.