27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසිංහල අවුරුද්දට පෙර බඩු මිල අඩු කරනවා - වාණිජ ඇමති

සිංහල අවුරුද්දට පෙර බඩු මිල අඩු කරනවා – වාණිජ ඇමති

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර භාණ්ඩ මිල අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (7) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවගේ ආදායම් මට්ටම සලකා බලන විට භාණ්ඩ මිල තවමත් ඉහළ මට්ටමක පවතින බැවින් නිෂ්පාදනවල මිල අඩු කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වනවිට භාණ්ඩ මිල පහත වැටීමේ වැඩි හැකියාවක් පවතින බව තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති අතර අදාළ සමාගමේ අවසරය ලබා ගැනීමට නියමිත බවයි.