― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසොරකම් කළ වත්කම් ලබාගන්න නව පනතක් ගේනවා

සොරකම් කළ වත්කම් ලබාගන්න නව පනතක් ගේනවා

දූෂණය මැඩලීම සඳහා පනතක් ගෙන ඒමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයෙදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුඅරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක් වී සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමට අදාළ ප්‍රතිපාදන එම පනතට ඇතුළු කිරීමට පියවර ගන්නා බවත් එය එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් බවත්ය.

ලෙඩා ගොඩ ගත් වහාම තවත් පියවරක් ගන්නවා. තවත් මෙවැනි අර්බුදයක් ඇතිවීමට ඇති සියලු ඉඩකඩ අහුරා දැමීම. මේ අරමුණින් අපි දූෂණය මැඩලීමේ පනතක් ගෙන ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන් සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය මේ පනතට ඇතුළු කරන්න අපි පියවර ගන්නවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්.