30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් වෘත්තිය සමිතියේ දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සංගමය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මස 06 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ගැටළු රැසක් වෙත සාධනීය ප්‍රතිඵල නොලැබීමත් අසාධාරණ බදු අයකිරීමේ තීරණයට විරෝධය පළකිරීමත් සඳහා මෙම වෘත්තීය සමති තීරණය ගෙන ඇති බවය.

දුම්රිය රියදුරු දෙවැනි පෙළ උසස්වීම් ප්‍රශ්නය, ශ්‍රේණිවලට අදාල ගැටලු අතිකාල කප්පාදු කිරීම, දුම්රිය ආදායම නිසිලෙස කළමනාකරණය නොකාරීම ආදි ගැටලු රැසකට විරෝධය දක්වමින් එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමයේ ලේකම් ඒ. ටී. ජයසිංහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම්දී තිබේ.