31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගිය දිනක රටේ ප්‍රශ්න විසඳෙයි

අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගිය දිනක රටේ ප්‍රශ්න විසඳෙයි

රාජාසන කතා කළ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බවත් මිනිසුන්ගේ දුක නොතේරෙන අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගිය දිනක මේ ප්‍රශ්න විසඳිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා තම හීන සැබෑ කරගෙන රාජාසන කතාව කරන විට ගම්වල සිටින ජනතාව දුක්විඳින බව පැවසූ විපක්ෂ නායවරයා එහිදී කියා සිටියේ එක් පැත්තකින් ගෑස් මිල තෙල් මිල ඉහළ යන විට තවත් පැත්තකින් විදුලි බිල වැඩි වීමට නියමිත බැවින් ජනතාවට හානිකර විකෘති ආණ්ඩුව ගෙදර පැන්නීමට එක්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

ගොවිතැනට අවශ්‍ය කෘමිනාශකවල සිට පාසල් සිසුවාට ඉගෙන ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැති බවත් එසේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක ලෝකෙටම ණය වී පවත්වන නිදහස් දිනයේ ජංගම වැසිකිළි සඳහා ලක්ෂ 142ක මුදලක් වැය කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.