― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආගමන විගමන දෙපාර්තමේන්තුවට පොලීසිය කැඳවයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පොලීසිය කැඳවයි

ආගමන විගමනය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අයදුම්පත් භාරගන්නා ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දෛනිකව 5000ක පමණ පිරිසක් පැමිණීම හේතුවෙනුයි මෙම ආරක්‍ෂිත පියවර ගෙන ඇත්තේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් ඊයේ (8) නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙලෙස පොලිස් ආරක්‍ෂාව දී ඇති බවට වාර්තා වනවා.

ජනතාව පෝලිම්වලින් සේවා කවුළුවට යොමුකිරීම සහ නියෝජ්‍ය පාලකවරු වෙත යොමු කිරීම ආදි සියලුම පාලනය පොලිසියට පවරා ඇතැයි සඳහන්.

ආගමන හා විගමන ප්‍රධාන කාර්යාලය තුළ සහ ඒ අවට විශාල පිරිසක් සිටින අතර විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙක් පැවසුවේ පොලිසියට පරිපාලන කාර්යයන් භාරදීමෙන් ජනතාව තව දුරටත් පහසුතාවට පත්කර ඇති බවයි.

මෙම වර්ෂයේ (2023) පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා ආරම්භ වීම හේතුවෙන් ඒ සඳහා විදේශ ගමන් බලපත්‍රය ගැනීම මෙම තදබදයට හේතු වී ඇතැයි සඳහන්.

එමෙන්ම හදිසි අවශ්‍යතා සඳහා පමණක් එක්දින සේවයෙන් විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.