27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති සරල වෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති සරල වෙයි

බදුල්ලේ දී අද (09) පැවැත්වෙන ඌව පළාත් ක්‍රීඩා හා තරුණ කටයුතු ප්‍රවේශ වැඩසටහනට සහභාගී වීම සඳහා කොළඹ සිට බදුල්ල බලා යන අතරතුර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (08) දින රාත්‍රි සේවා ⁣සපයන සාමාන්‍ය ආපන ශාලාවකින් පරිප්පු වඩයක් කා තේ එකක් පානය කළ අයුරු දක්නට ලැබුනා.

කොළඹ බදුල්ල මාර්ගය අසළ පිහිටි ආපන ශාලාවක් වෙත ගොස් අමාත්‍යවරයා මෙලෙස වඩයක් කා තේ කෝප්පයක් පානය කළ අතර සරළ ඇඳුමකින් සැරසී ගමනේ යෙදී සිටි අමාත්‍යවරයා තේ පානයෙන් පසුව එම හෝටලයේ හිමිකරු සමඟ ද සුහද කතා බහක නිරතවන අයුරු දැකගත හැකි වුනා.