27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා එක්කෝටි 70,000ක් පමණ මුද්‍රණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීම එළැඹෙන 22, 23 සහ 24 යන දිනයන්හි දී සිදුකිරීමට නියමිතය.

පළාත් පාලන ආයතන 339කට අදාළව මෙවර ඡන්ද විමසීම එළැඹෙන මාර්තු 09 වැනි දා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සහ කල්මුණේ නගර සභාව සඳහා මෙවර ඡන්ද විමසීම සිදු නොකෙරේ.

පළාත් පාලන ආයතන 339ට අදාළව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමලේඛණ සියල්ල මේ වනවිට ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය සඳහන් කළේය.