29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති සිංහ නාද කළත් අපට ඇහුනේ පුංචි කෙඳිරියක් විතරයි - උදය ගම්මන්පිල

ජනපති සිංහ නාද කළත් අපට ඇහුනේ පුංචි කෙඳිරියක් විතරයි – උදය ගම්මන්පිල

රට බෙදන, රට ලේවිලක් ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සම්පූර්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින (09) පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමන් සර්වපාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කරලා තිබුණා.ඒ විතරක් නොවෙයි එතුමා කිව්වා තමන්ගේ රාජාසන කතාවේදී මේ බව පාර්ලිමේන්තුවට ද ප්‍රකාශ කරනවා කියලා.

එදා එතුමා සිංහ නාද කළත් ඊයේ නම් අපට ඇහුනේ පුංචි කෙඳිරියක් විතරයි. මේ රටේ මහ සඟරුවන ප්‍රමුඛ කරගෙන අපි එදා නගපු විරෝධය
ජනාධිපතිතුමාගේ ඇඟට දැනිලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ ඇඟට දැමීම ඒ අයුරින්ම තියාගැනීම එතුමාගේ ශරීර සෞඛ්‍යයට බොහොම යහපත් කියලා මම එතුමාට සිහිපත් කරනවා.”