25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල වහාම අඩු කරන්නැයි ඉල්ලීමක්

තිරිඟු පිටි මිල වහාම අඩු කරන්නැයි ඉල්ලීමක්

තිරිඟු පිටි මිල ජනතාවට දරාගත හැකි මට්ටමට අඩු කළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, දේශීය වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් 240ක උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

තිරිඟු පිටි රටේ දුප්පත්, අඩු ආදායම්ලාභී පවුල්වල සහ අනෙකුත් සියලු දෙනාගේ ප්‍රධාන ආහාරය බවට පත්වෙලා. ඒක නිසා පාරිභෝගික කටයුතු අධිකාරිය සහ වාණිජ අමාත්‍යාංශය මෙම ගැටලුවට මැදිහත් වී ඊට විසඳුමක් ලබා දිය යුතුයි. නමුත් මේ හදිසි මිල ඉහළ යාමත් සමඟ තැරැව්කාර සමාගම කාට ලැබෙයිද කියන සැකය මතුවෙලා. මේක අහිංසක මිනිස්සුන්ට දැවෙන ප්‍රශ්නයක්. මේ මාෆියාව නතර කරන ලෙස ප්‍රධාන තිරිඟු ආනයනකරුවන්ගෙන් මං ඉල්ලා සිටිනවා

මීට පෙර තිරිඟු පිටි මිල අඩු කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ඔහු වාණිජ අමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය.