26.7 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කියේ හා සිරියාවේ විපතට පත් ජනතාවට සෙත්පතා පිංකමක්

තුර්කියේ හා සිරියාවේ විපතට පත් ජනතාවට සෙත්පතා පිංකමක්

තුර්කියට හා සිරියාවට බලපෑම් එල්ල කළ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් ස්කේසියෝග්ලු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්වයේදී බෞද්ධ සම්ප්‍රදායානුකූලව පැන් වැඩීම ද සිදු වී තිබෙනවා.

නානාපතිනිය සමග ඇයගේ ස්වාමිපුරුෂයා, තානාපති කාර්යාලයේ නියෝජිතයකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අනතුරුව මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනය කළ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබුණා.