― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාවක්

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාවක්

ව්‍යාපාරික දිනේෂ් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් පරස්පර තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඒ මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේ.

එහිදී කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙන්වා දුන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් විසින් මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුල් වාර්තාවේ මරණයට හේතුව වශයෙන් ‘තන්තුවකින් ගෙල සිර කිරීමෙන් සිදු වූ මරණයක්’ වශයෙන් වාර්තා කර තිබූ බවයි.

එහෙත් එම වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කළ සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මරණයට හේතුව වශයෙන් තන්තුවකින් ‘ගෙල සිරකර ගැනීමෙන්’ සිදු වූ මරණයක් වශයෙන් වාර්තා කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය පරස්පර තත්ත්වයක් බවයි කියා සිටියේ.

එමෙන්ම ආහාර සමග සයනයිඩ් නැමැති විෂ ද්‍රව්‍ය ශරීරගත වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුවද මරණකරුගේ ශරීරයේ තිබූ ලක්ෂණ පිරික්සීමේ දී ඒ පිළිබඳ නිගමනයකට ඒම ගැටලු සහගත බවත් පෙන්වා දී තිබෙනවා.

මෙවැනි පරස්පරතා සහිත වාර්තා පදනම් කරගෙන මරණකරුගේ මරණයට හේතුව අධිකරණයට නිගමනය කිරීම අපහසු වන අතර ඒ පිළිබඳව වැඩිදුර සලකා බලන ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙම වෛද්‍යවරයා වෛද්‍ය සේවයේ නිරත වීම මාස 08 කට තහනම් කිරීමට පසුගිය දෙසැම්බර් මස 20 වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ ඊට මෙම සිද්ධිය හා සම්බන්ධයක් නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම සිද්ධියට අදාළ අවසන් පරීක්ෂණ වාර්තාව මාර්තු මස 8 වනදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනුකර ලෙසයි.

එම අවසන් පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ නියෝගය තමා ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී සඳහන් කළා.