27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදීප ව්‍යාප්තව පළාත් මට්ටමින් ක්‍රීඩා සභා පිහිටුවීමට පියවර

දීප ව්‍යාප්තව පළාත් මට්ටමින් ක්‍රීඩා සභා පිහිටුවීමට පියවර

පළාත් මට්ටමින් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා සභා පිහිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශය හා එම දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සමාජ සහ සංගම්, ජාතික තරුණ සේවා සභාව, කුඩා ව්‍යාපාර අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව යන ආයතනවල සහභාගීත්වයෙන් ඒකාබද්ධ ප්‍රවේශයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවති අතර මධ්‍යම පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරු, ක්‍රීඩා නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් ඇතුලු පන්සියයක පමණ පිරිසක් එක්ව සිටියහ.