― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිධන් සොයා කැණීම් කළ හිමිනමක් ඇතුළු 10ක් අත්අඩංගුවට

නිධන් සොයා කැණීම් කළ හිමිනමක් ඇතුළු 10ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබිතිගොල්ලෑව සහ මහියංගණය ප්‍රදේශවල ඊයේ සිදු කළ වැටලීම්වලදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ. කැබිතිගොල්ලෑව ලුණුඇටුලෑව ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරන බවට ලැබුණු තොරතුරකට අනුවය කළ වැටලීමකදී ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ. අත්අඩංගුවට ගත් හිමිනම ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන අවුරුදු 25ක අයෙක්.

අවුරුදු 28 සහ 32 වයස්වල පසුවන අනෙක් සැකකරුවන් දෙදෙනා පනාමුර සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ දහවල් මහියංගණය මාපාකඩ ප්‍රදේශයේ පොලිසිය කළ වැටලීමකින් පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ එම වැටලීම සිදුකර ඇත්තේ.

කැණීම් උපකරණ සහ පූජ භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පන්නිපිටිය, හෝකන්දර, පාදුක්ක, මහියංගණය සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් වයස අවුරුදු 30ත් 49ත් අතර වයස්වල පසුවනවා. සැකකරුවන් අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහියංගණය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.