26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකාවට

පාකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකාවට

පාකිස්ථානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානී (Chairman joint Chief Of Staff Committee) ජෙනරාල් සහීර් සම්ෂාඩ් මිර්ෂා (Sahir Shamshad Mirza) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද දින දහවල් පකිස්ථාන හමුදා ප්‍රධානියා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි.

ඔහු සමග දූත පිරිස ලෙස එරට උසස් හමුදා නිලධාරීන් 5 දෙනෙකුද පැමිණ තිබෙනවා. අද දින දහවල් 11.05ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ පකිස්ථාන තානාපතිවරයා මෙන්ම මෙරට හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව සඳහන්.