27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු නඩුවෙන් හිටපු ඉස්ලාම් නායක‍යෙක් නිදහස්

පාස්කු නඩුවෙන් හිටපු ඉස්ලාම් නායක‍යෙක් නිදහස්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2021 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු නායකයා වන රෂීඩ් අක්බාර් නිදහස් කර තිබේ.

මීට අදාළ නඩුව ඊයේ (08) කැඳවූ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත අත්අඩංගුවට පත් රෂීඩ් අක්බාර්ට වහබ්වාදය ප්‍රවර්ධනය කිරීමට අදාල කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව සිදුකර තිබෙන විමර්ශන අවසන් බැවින් රෂීඩ් අක්බාර් මුදා හැරීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බැවින් මෙලෙස ඔහුව මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු පියවර ගත්තේ.