26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුපුරණ ද්‍රව්‍ය තොගයක් තිහගොඩ ප්‍රදේශයෙන් සොයා ගැනේ

පුපුරණ ද්‍රව්‍ය තොගයක් තිහගොඩ ප්‍රදේශයෙන් සොයා ගැනේ

තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකුගේ ගෙවත්තේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

48 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා නිලධාරියා ද අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඔහුගේ දෙමහල් නිවස පිහිටි ගෙවත්තේ වළවල් දෙකක අඩි 5ක් පමණ ගැඹුරට කපා එම යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය වළ දමා තිබු බව සඳහන්.

සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 350ක්, මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 288ක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 181ක්, මිලි මීටර් 3.8 වර්ගයේ උණ්ඩ 05ක්, බෝර 12 වර්ගයේ උණ්ඩ 08ක්, ඉලෙක්ට්‍රොනික් ඩෙටනේටර් 10ක්, ඉලෙක්ට්‍රොනික් නොවන ඩෙටනේටර් 153ක්, දුම් බෝම්බයක්, අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කිරීමට යොදා ගන්නා වයර් අඩි 32ක් ඇතුළු උපකරණ තොගයක් මෙහිදී සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබී මදන මෝදක ගුලි 153ක් අඩංගු පැකට් දෙකක් ද සොයා ගෙන ඇතැයි සඳහන්.

2016 වසරේ දී සැකකාර යුද හමුදා සාමාජිකයා විශ්‍රාම ගොස් තිබෙන අතර ඔහු එල්.ටී.ටී.ඊ.යුද සමයේ දී මුලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක වසර 05ක් අවි ආයුද ගබඩාව භාරව රාජකාරි කර ඇති බවටයි ප්‍රශ්න කිරිමේ දී හෙළිවී ඇත්තේ.

එම වකවානුවේ දී ඒවා රැගෙනවිත් වළ දමන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.