26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙබරවාරි මුල් සතියේ සංචාරකයින් 26,506ක් මෙරටට

පෙබරවාරි මුල් සතියේ සංචාරකයින් 26,506ක් මෙරටට

මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 26,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පෙබරවාරි මුල් සතියේ සංචාරකයින් 26,506ක් පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මේ දක්වා රුසියානු ජාතිකයින් 6,619 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටියේ ඉන්දියාවෙන් සංචාරකයින් 3,462 ක්, එක්සත් රාජධානියෙන් 2,269ක්, ජර්මනියෙන් 1,988ක් සහ ප්‍රංශයෙන් 1,590ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ජනවාරි මාසයේදී සංචාරකයින් 102,545ක් මෙරටට පැමිණ තිබෙනවා. මෙය 2022 වසරේ මාර්තු මාසයෙන් පසු එක් මාසයකදී පැමිණි වැඩිම සංචාරකයන් පිරිස ලෙසටයි සැලකෙන්නේ.

2022 වසරේදී ශ්‍රී ලංකාවට සමස්ත සංචාරකයින් 719,978ක් පැමිණ තිබෙනවා.

ආර්ථික අර්බුදය, විරෝධතා සහ වෙනත් කරුණු හේතුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට සංචාරක පැමිණීම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. කෙසේ වෙතත්, නව පාලනයක් ස්ථාපිත වීමෙන් අනතරුව, පසුගිය කාර්තුවේදී සිට සංචාරක පැමිණීම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටියේ.