― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsභූ කම්පනයෙන් පසු තුර්කියට හා සිරියාවට අලුත්ම අභියෝගයක්

භූ කම්පනයෙන් පසු තුර්කියට හා සිරියාවට අලුත්ම අභියෝගයක්

තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දිවි ගලවා ගත් පිරිස් ජීවත් කරවීම මානුෂීය සංවිධානවල මීළඟ අභියෝගය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දිවි ගලවාගත් දහස් ගණනක පිරිස් මේ වන විට නවාතැන්, ජලය, විදුලිය ඇතුළු මූලික පහසුකම් නොමැතිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

මෙම තත්ත්වය තුළ භූ කම්පනයේ අතුරු බලපෑම් හේතුවෙන් ඉදිරියේ දී තවත් බොහෝ පිරිසක් මිය යා හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

එය භූකම්පනයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව ද ඉක්මවා යාමේ අවදානමක් පවතින බව එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය සඳුදා සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය ගණන 16,000 ඉක්මවා ගොස් තිබේ.

.රුසියාව පවසන්නේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ සාමාජිකයින් 100 දෙනෙකුගෙන් සමන්විත මුදාගැනීමේ කණ්ඩායමක් ටොන් 35 ක මානුෂීය ආධාර සමඟ ගුවන් යානයක් මෙහෙයුම් සඳහා යවා ඇති බවය.

මෙම අසීරු අවස්ථාවේ තුර්කි වැසියන්ට සහායවීම සඳහා ඉන්දීය සහන කණ්ඩායම් 04ක් මේ වනවිටත් තුර්කියේ විපතට පත් ප්‍රදේශවල සිදුකෙරෙන මෙහෙයුම් සඳහා එක්වී සිටින බවත් ඒ අතරට මුදාගැනීමේ කණ්ඩායම් 02 ක්, ඒ සඳහාම පුහුණු කරන ලද සුනඛයින් සහ වෛද්‍ය කණ්ඩායම් අයත් බව ඉන්දියාව පවසනවා.

ඊට අමතරව තුර්කි වැසියන් සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ මෙන්ම සීත කාලගුණයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය පොරවන ආදිය ද තුර්කිය වෙත මේ වනවිටත් පිටත් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පවතින ආපදාකාරී තත්ත්වය හමුවේ අවශ්‍යතාව අනුව සහන සේවා තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාව සූදානම් බවද ඉන්දියාව තුර්කියට දන්වා තිබේ.