26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවක් හා දියණියක් අභිරහස් ලෙස මිය යයි

මවක් හා දියණියක් අභිරහස් ලෙස මිය යයි

ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි මවකගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ ම පදිංචි මහමැදිලාගේ 50 හැවිරිදි මව සහ අවුරුදු 30ක් වයසැති දියණියයි.

නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුගන්ධයක් හමන බවට ගිනිගත්හේන පොලිසියට ප්‍රදේශවාසින් විසින් කළ දැනුම් දිමක් මත සිරුරු දෙක සොයාගෙන තිබෙනවා.

මළ සිරුරු දෙකම නිදන කාමරයේ ඇද මත තිබු බවයි පොලිසිය කියා සිටියේ. මියගිය කාන්තාවන් දෙදෙනා මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය බවත්, මියගිය කාන්තාවගේ සැමියා සහ පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව අනාවරණ වී තිබෙනවා.

මෙය සියදිවි හානි කර ගැනිමක් බවට සැකකරන ගිනිගත්හේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මීට සතියකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබුණා.

එලෙස සිරුරු සොයා ගැනුනේ ඇල්පිටිය ගනේගොඩ පදිංචි 69 හැවිරිදි කාන්තාවකගේ ඕමත්ත ප්‍රදේශයේ පදිංචි 80හැවිරිදි අවිවාහක කාන්තාවකගේ සිරුරක්.

කාන්තාවන් දෙදෙනා සිටි නිවසේ දොරවල් දහවල් වනවිටත් විවෘත නොකර තිබීම සම්බන්ධයෙන් පදේශවාසීන් විපරම් කිරීමේදී ඔවුන් දෙදෙනා මිය ගොස් සිටි අයුරු දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබුණා.