28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමුරලිදරන්ට පමණක් දෙවැනි වූ අෂ්වින්

මුරලිදරන්ට පමණක් දෙවැනි වූ අෂ්වින්

ටෙස්ට් පිටියේ සිය 450 වැනි කඩුල්ල දවා ගැනිමට රව්චන්ද්‍ර අෂ්වින් සමත්විය.

ඒ ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඇලෙක්ස් කේරිගේ කඩුල්ල දවා ගනිමිනි. මේ සමගින් කඩුළු 450 සීමාවට පැමිණි ලොව දෙවැනි වේගවත්ම ටෙස්ට් පන්දුයවන්නා බවට අෂ්වින් පත්විය.

අෂ්වින් මෙම සීමාවට පැමිණිමට ටෙස්ට් තරග 89 කට සහභාගි වී ඇත.

මෙහි පෙරමුනේ පසුවන්නේ ලොව බිහිවූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ය.ඔහු ටෙස්ට් තරග 80 කදී මෙම කඩඉමට ලඟා වී ඇත.

ලෝක මට්ටමේදී මෙම සීමාවට ලගා වූ 9 වැනි පන්දු යවන්නා මෙන්ම දෙවැනි ඉන්දීය පන්දු යවන්නාද අෂ්වින් වේ.