25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවරදක් කළා කියලා ඔප්පු වුණොත් ඩයනාව අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕනේ නැහැ

වරදක් කළා කියලා ඔප්පු වුණොත් ඩයනාව අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕනේ නැහැ

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර තිබෙන බව අනාවරණය වන්නේ නම් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කළා.

ඩයනා ගමගේ ඇමතිනියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කළේ.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.