29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් නව ගුවන් ගමන් 3ක් අරඹයි

ශ්‍රී ලංකන් නව ගුවන් ගමන් 3ක් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය වෙත නැවත සතියකට තුන්වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ 2023 අප්‍රේල් පළමු සතියේ සිට චීනය වෙත වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

එහිදී චීනයේ ගමනාන්ත ලෙස ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත මෙලෙස නැවත ගුවන් ගමන් ආරම්භ කරනු ඇත.

ඒ අනුව සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් පිටත් වන අතර සෑම අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම පිළිවෙලින් ෂැංහයි සිට කොළඹ බලා පැමිණීමට සැලසුම් කර තිබේ.