28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට කැනඩාවෙන් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවට කැනඩාවෙන් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

ඇමෙරිකා ඩොලර් මිලියන 150ක් හෙවත් රුපියල් කෝටි 6000ක පමණ මහා පරිමාණ ආයෝජනයක් සිදු කර මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට කැනඩාවේ සමාගමක් ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් නිලාවේලිය පිහිටි ඉඩමක එම මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඉදිකෙරෙන අතර ඉකුත් දා ඊට අදාල බලශක්ති බලපත්‍ර අනුමත නිෂ්කාෂණ ලිපිය ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැති උත්සවයකදී අදාල ලිපිය ප්‍රදානය කරළ අතර එම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ කැනඩාවේ සමාගමේ ප්‍රාදේශිය අධ්‍යක්ෂ මොහොමඩ් හුසේන් මහතා ද එක්ව සිටියහ.