― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඇමරිකාවේ සහල් තොග කොළඹ වරායට

ඇමරිකාවේ සහල් තොග කොළඹ වරායට

රී ලංකා රජයේ ජාතික පාසල් ආහාර වැඩසටහනට සහාය වීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් අරමුදල් සපයන ලද සහල් මෙට්‍රික් ටොන් 600ක තොගයක් පසුගිය දා ශ්‍රී ලංකාවට ළඟා වුණා.

මෙම ආධාර USAID සහ WFP විසින් සිදුකරන ලද දැවැන්ත ආහාර ආධාර වැඩසටහනක කොටසක් වන අතර ඊට සහල් මෙට්‍රික් ටොන් 3,950ක්, රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768ක්, සෝයා මෙට්‍රික් ටොන් 1,188ක් සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,310ක් ඇතුලත්.

පාසල් ළමුන් මිලියන 1.7 කට මෙන්ම ගර්භනී සහ කිරි දෙන මව්වරුන් 300,000 කට ආහාර සහ පෝෂණ අතිරේක ලබා දීමට මෙම ආධාර යොදා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් මෙම ආධාර සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

එක්සත් ජනපදය පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 270 කට වැඩි නව ආධාර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙන බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව අරමුදල් සහ ආහාර නැව්ගත කිරීම් හරහා ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජය, WFP සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ කටයුතු කරන බවයි.

U.N.’s World Food Program (WFP) සහ Food and Agriculture Organisation හි භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුමේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න පිරිසක් මේ වන විට ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය පවසන්නේ.

WFP ශ්‍රී ලංකා නියෝජිත අබ්දුර් රහීම් සිද්ධිකි පැවසුවේ, මෙම අහාර තොග ඉතා ඉක්මනින් අනාරක්ෂිත ප්‍රජාවන් වෙත ළඟා කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් USAID වෙත කෘතඥ වන බවයි.

USAID විසින් අරමුදල් සපයන ලද සහල් තොගය පාසල් ආහාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය වන අතරම දරුවන්ට යකඩ සහ ෆෝලික් අම්ල මිශ්‍රණයක් මගින් පෝෂණ කොටස් ලබා දෙමින් තම පවුල්වලට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමට අරගල කරන දෙමාපියන්ට සහනයක් ලබා දෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙනවා.