28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි

කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි

පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40කට අධික සංඛ්‍යවක් පසුගිය මාස තුන ඇතුළත ප්‍රති නැව්ගත කිරීමට නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසයි.

එම මිරිස් තොග ප්‍රති නැව්ගත නොකර මෙරටදී විනාශ කිරීමට ඇතැම් ආනයනකරුවන් කළ ඉල්ලීම් සලකා බලා ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීමටද පියවර ගත් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා සිටියා.

දිවයිනට ආනයනය කරන සෑම මිරිස් කන්ටේනරයක්ම වරායේදී පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේ ය.