― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවුඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවුඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සතුටුදායක පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ මූල්‍ය අර්බුදයෙන් මිරිකී සිටින ශ්‍රී ලංකාව වෙත ඉන්දියාව ලබා දුන් සහතිකය අනුව, ශ්‍රී ලංකාවට මූල්‍ය සහතිකයක් ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවයි.

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතී.

අදාළ කටයුත්ත සඳහා අවශ්‍ය කරන ප්‍රමාණවත් මූල්‍ය සහතික ලබා ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරින් සමත් වූ වහාම ශ්‍රී ලංකාව වෙත ප්‍රධානය කිරීමට එකඟ වී සිටින සහන පැකේජය මුදා හැරීමට අදාල අනුමැතිය හිමිවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.