― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෝෂ සහිත වාහන කිහිපයක් ආපසු කැඳවීමට තීරණයක්?

දෝෂ සහිත වාහන කිහිපයක් ආපසු කැඳවීමට තීරණයක්?

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයකු මියයාමෙන් පසු දෝෂ සහිත වායු බෑග් සහිත වාහන කිහිපයක් ආපසු කැඳවීමට දේශීය මෝටර් රථ අලෙවි නියෝජිතයන් තීරණය කර තිබේ.

37 හැවිරිදි විද්‍යාඥයා පෙබරවාරි 3 වැනිදා හොරණ ප්‍රදේශයේදී රිය අනතුරකින් මිය ගියේය.

මාර්ග බාධකයක තිබූ කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් ඔහුගේ මෝටර් රථය පෙරළී යාම හේතුවෙන් වාහනයේ තිබූඋ වායු බෑගයේ ලෝහ කැබැල්ලක් නිසා ඔහුගේ මරණය සිදුවී ඇත.

මෙම සිද්ධියෙන් පසු දේශීය මෝටර් රථ අලෙවි නියෝජිතයන් විසින් ප්‍රකාශ කර ඇත්තේ අභාවප්‍රාප්ත විද්‍යාඥයා එයාර් බෑග් වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කළ වාහනවලට සමාන වාහන නැවත කැඳවන බවයි.

නැවත කැඳවිය යුතු වාහන වර්ග පහත දැක්වේ.

Civic :ES4/ES8/FD1/FD4/FB1
CRV : RD1/RD5/RE2/ RE3/RE4
Accord:CM5/ CL5/CL7/CF8/CF9
Fit/ Jazz GP1/GP2/GP3 /GP4/GE6/ GD1/GD8/GD6
City:GM2/ 3A3
Insight:ZE2/ZE3
Stream : RN3
Integra:DC2
Odyssey: RA3
Corolla 141 : ZRE 141R- AE## / ZZE141R- AE# / CE140R- AEH#A
Yaris : NCP92R-BE### / NCP42R- BE## / NCP90R- BE##