― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනෙස්ලේ ලංකා සමාගමෙන් රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක්

නෙස්ලේ ලංකා සමාගමෙන් රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක්

නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක් සිදුකරමින් තම කුරුණෑගල කර්මාන්තශාලාවේ ජෛවස්කන්ධ බොයිලේරුවක් (Biomass Boiler) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( පෙබරවාරි 9) කොළඹදී පැවැත්විණි. මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominic Furgler), නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ ජේසන් ඇවන්සේනා (Jason Avancena), පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල්ජාසිංහ, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

2050 වසර වන විට තම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය කිරීමේ සැලස්ම ක්‍රියාවට නංවමින්, 2025 වසර වන විට 20% කින්ද ,2030 වනවිට 50% කින්ද, 2050 වන විට 100% කින්ද හරිතාගාර වායු අවම කිරීමට නෙස්ලේ සමාගම බලාපොරොත්තු වේ. මෙම ජෛවස්කන්ධ බොයිලේරු ව්‍යාපෘතිය මඟින් පමණක් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුවන හරිතාගාර වායු විමෝචනය 37% කින් අවම කිරීමට හැකියාව ලැබෙන බවත් සදහන් වෙයි.

මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලංකාවේ මේ වන විට පවතින දුෂ්කර ආර්ථික තත්වය හමුවේ වුවද නෙස්ලේ ලංකා සමාගම ලංකාව තුළ සිදුකරන මෙවැනි විශාල ආයෝජනයන් පිළිබඳව තමන් අගය කරන බවයි.

1984 දී ආරම්භ කළ කුරුණෑගල පිහිටි නෙස්ලේ කර්මාන්තශාලාව මඟින් ශ්‍රී ලංකාව තුළ අළෙවි කරන නෙස්ලේ නිෂ්පාදන වලින් 90% කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. වසර 115 කට වැඩි කාලයක් පුරා ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන නෙස්ලේ සමාගම 25 000 කට වැඩි ශ්‍රී ලාංකික කිරි හා පොල් ගොවීන්ට මෙන්ම ගෙවතු වගාකරුවන්ට ආර්ථික ශක්තිය ලබාදීමට සමත් වී තිබෙයි. පසුගිය වසරේදීද නෙස්ලේ ලංකා සමාගම තම මෝල්ට් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා Vacuum Band Dryer ඒකකයක් පිහිටුවීමට රුපියල් බිලියන 2 ක ආයෝජනයක් සිදුකොට තිබෙයි.